අඩු ආදා­ය­ම්ලා­භීන්ට නව නිවාස 62,000ක් වතු ජන­තා­වට 2500යි


 නැඟෙනහිරට 2500යි / තදා­සන්න පෙදෙ­ස්ව­ලට 50,000යි

ග්‍රාමීය අඩු ආදා­ය­ම්ලා­භීන්, වතු ප්‍රජාව මෙන්ම කොළඹ නාග­රික ජනා­වාස ආශ්‍රිත ජන­තාව කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් 2026 වස­රේදී නිවාස 62,000කට අධික ප්‍රමා­ණ­යක් ඉදි­කි­රී­මට රජය සැල­සුම් කර ඇතැයි නිවාස ඉදි­කි­රීම් හා ජල සම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මේ බව සඳ­හන් කළේ 2026 වසර සඳහා වන අය-වැය පිළි­බඳ දෙවැනි වර කියැ­වීමේ විවා­ද­යට එක් වෙමිනි.

2026 වසර සඳහා ඉදි­රි­පත් කරන ලද අය-වැය තුළින් අඩු ආදා­ය­ම්ලා­භීන්ගේ නිවාස අව­ශ්‍ය­තාව වෙනු­වෙන් නිවාස 7,000ක් ඉදි­කි­රීම සඳහා මුදල් වෙන්කර ඇති අතර එක් නිවෙ­ස­කට රුපි­යල් ලක්ෂ 10 බැගින් වැය කරන බව ද හෙතෙම කීවේය.

වතු ජන­තාව සඳහා ඒකක 2500ක් ඉදි­කි­රී­ම­ටත් කොළඹ නග­රයේ තදා­සන්න ප්‍රදේ­ශ­වල නිවාස 50000ක් ඉදි­කි­රී­ම­ටත් මුදල් වෙන් කර තිබෙන බව ද හෙතෙම කීවේය.

කොළඹ විවිධ තදා­සන්න ප්‍රදේ­ශ­වල ජීව­ත්වන අඩු ආදා­යම් ලාභි ජන­තා­වට දැරිය හැකි පිරි­වැ­ය­කට නිවාස මිල දී ගැනීම වෙනු­වෙන් බිලි­යන 6.5ක් වෙන්කර තිබෙ­නවා. උතුරු නැ‍ඟෙන­හිර ප්‍ර‍ෙද්ශ­වල ගෙවල් 2500ක් හදන්න ලක්ෂ 15 ගානේ වෙන්කර තිබෙ­නවා. එමෙන්ම පසු­ගිය අය වැයෙන්ද ඒ සඳහා මුදල් වෙන්කළ බවත් ඒ යටතේ ගම් මට්ට­මින් නිවාස තුන්ද­හ­සක් ඉදි­කළ බවත් ඒ මහතා පැවැ­සීය.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මෙසේද පැවැ­සීය.

“නිවාස අමා­ත්‍යාංශ්‍ය ගත්තම ගිය අය වැයෙන් මිලි­ය­නය, ලක්ෂ දහය ගානේ දුන්නා. ලක්ෂ දහ­යෙන් ගෙවල් හදන්නේ කොහො­මද කියලා විප­ක්ෂයේ මන්ත්‍රී­වරු ඇහුවා. හදපු ගෙවල් තුන්ද­හ­ස­කට වඩා ලේඛ­න­ගත කරලා තිබෙ­නවා. දීපු නම, ලිපි­නය ආදි සියලු විස්තර තිබෙ­නවා. හොයලා බලන්න පුළු­වන්. ලක්ෂ දහ­යක් දීලා හදපු ගෙව­ල්ව­ලට ලක්ෂ 15ක් 20ක් විය­දම් කරලා තිබෙ­නවා.

උදව් කරන මිනිස්සු ඉන්නවා. ගමේ මිනිස්සු ගිහින් උදව් කර­නවා. ව්‍යාපා­රි­කයෝ උදව් කර­නවා. ගමක අස­රණ මනු­ස්ස­යෙ­කුට ගෙයක් ලැබු­ණම හැමෝම උදව් කර­නවා. අද ගෙවල් හදන එක ජාතික ව්‍යාපා­ර­යක් වෙලා තිබෙ­නවා. අන්න එහෙ­මයි අපි ගෙවල් හැදුවේ. නමුත් 2015-2019 වක­වා­නුවේ දී ඒ ආණ්ඩුව කයි­වාරු ගහන මහ­ත්ත­යාගේ ආණ්ඩුවේ ගෙවල් 64407ක්, ගම්මාන 2562ක් තුළ හද­නවා කිව්වා. නමුත් ගෙවල් හදලා තිබෙන්නේ 16747ක් පම­ණයි. මේ ගෙව­ල්ව­ලින් පදිංචි වී සිටින්නේ සිය­යට විස්ස­ක­ටත් වඩා අඩු පිරි­සක්. අනිත් ගෙව­ල්වල පදිං­චිවී නැහැ. ඒ වගේම අලි ගහන කැලෑ­ව­ල්වල තමයි ගෙවල් හැදුවේ. වන­ජීවී කලා­ප­වල ගෙවල් හැදුවා. වනා­න්තර ඇතුළේ ගෙවල් හැදුවා. පාර­වල් නැහැ. එහෙම කෙනා තමයි ලංකාවේ ලොකුම සැල­සුම් ශිල්පියා වගේ, බුද්ධි­මතා වගේ කතා කරන්නේ. අපට හැම දිස්ත්‍රි­ක්ක­යක් ඇතු­ළෙම පහු­ගිය කාලය තුළ ඉදි­ක­රපු ගෙවල් සම්බ­න්ධ­යෙන් සංඛ්‍යා­ත්මක තොර­තුරු තිබෙ­නවා.

2015 -2019 වක­වා­නු­වේදි ගෙවල් 4800ක ජන­තාව තමන්ගේ ගෙව­ල්ව­ලින් ඉවත් කර තිබෙ­නවා, අලු­තින් ගෙවල් දෙනවා කියලා.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post