සමාජ මාධ්‍ය ඔස්සේ ලබාදෙන ණයවලට රැවටෙන්න එපා! පොලිසියෙන් විශේෂ අනාවරණයක්!


 සමාජ මාධ්‍ය මඟින් ලබා දෙන කඩිනම් ණය වංචාවක් පිළිබද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අද (11) පැවති මාධ්‍ය හමුවේදී හෙළිදරව්වක් සිදු කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මෙම දිනවල ණය පහසුම්කම් ලබාදෙන බවට පවසා දුරකථන සහ සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකවූත් පහසුවූත් ණය පහසුකම් ලබාදිය හැකි බව සමාජයේ පැතිරෙනවා.එම ණය පහසුකම් කඩිනමින් ලබා ගැනීම සඳහා අපේ මහජනතාව උනන්දු වෙලා තියෙනවා.


මේ වන විට පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම එම අදාළ පොලිස් ස්ථානවලට ලැබිලා තියෙනවා.


ඒ අනුව අපි මහජනතාවට කියන්නේ ඔබට හදිසිවූත් ණයක් ලබා ගැනීම සඳහා ඔබ හඳුනන් නැති whatsapp අංකයකින් හෝ අංකයකින් ඔබට සම්බන්ධ වන්නේ නම් ඔබ එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔබ ණයක් ගන්නේ නම් ලියාපදිංචි මූල්‍ය ආයතනයක් සම්බන්ධ කර ගනිමින් එම අවස්ථාව කරගන්න.


මේවන විට එම ආයතන මඟින් රුපියල් 20,000ක ණයක් ලබා දී එම ණයට සමගාමිව සති දෙකක් ඇතුළත අසාධාරණ පොලියක් ඉල්ලනවා.


ඒවගේම නිතර නිතර ඔබට පීඩාකාරී අන්දමට ඔබගේ දුරකථනවලට සම්බන්ධ වෙනවා.මේ සම්බන්ධයෙන් අපට ලැබිල තියෙන පැමිණිලිවලට අනුව ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවෙලා තියෙනවා.”


✅✅✅✅✅✅✅ Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post