උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියගේ පොත් පිළිස්සූ නරුම පියා රිමාන්ඩ්


 මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් ගිනිතැබුවේ යැයි කියන එම සිසුවියගේ පියා ලබන නොවැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු තම බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් පෙරේදා (9) රාත්‍රී තම නිවසට ගිනි තබා ඇති බවයි. එහිදී මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔහුගේ දියණියගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් ගිනිගෙන විනාශ වී ඇත.


පොලිසිය සඳහන් කළේ, සැකකරු බීමතින් සිටි අවස්ථාවේදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

සැකකරු මුලදී වෙනත් අයෙකු විසින් ගිනි තැබූ බව පවසා පසුව තමන් විසින් එය සිදු කළ බව පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.


ඒ අතර, ගින්නෙන් සිය පොත්පත් හා ඇඳුම් විනාශ වී තිබුණත්, එම සිසුවිය ඊයේ (10) සහ අද (11) උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති බවද පොලිසිය සඳහන් කළා.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post