පයිනස් ගස් ප්රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්රපාතයෙන් වූ තේ වත්තට පෙරළී ඊයේ (11) දින අනතුරට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය පැවසීය.
බළන්ගොඩ මාරතැන්න ප්රදේශයේ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ෆයිනස් ගස් ප්රවාහනය කරන ලද ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
බළන්ගොඩ බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්රදේශයේ මාර්ගයක පටු ස්ථානයකදී ධාවනය වූ ලොරි රථය උදෑසන 11:30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවත්, ලොරි රථය මාර්ගයේ ඉවතට පනින අවස්ථාවේ ලොරි රථයේ රියැදුරා සහ රිය සහායකයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන ඇති බවත් බගවන්තලාව පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.
අනතුරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ
✅✅✅✅✅✅✅✅✅✅✅
