E-9 වීසාවලින් කොරියා යන්න හිටපු අයට දැනුම්දීමක්


 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 විසා කාණ්ඩය යටතේ ලාංකික තරුණ තරුණියන් 3469 දෙනෙකු සඳහා මෙම වසරේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා වෙනුවෙන් සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 77 දෙනෙක් නොවැම්බර් 11 දින දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

දකුණු කොරියාවේ නිශ්පාදන ඉදිකිරීම්, ධීවර, සේවා හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා E-9 විසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.


ඒ අනුව වඩාත් විනිවිද භාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්‍රමයට තෝරා ගන්නා අතර, විභාගය පරිගණක ආශ්‍රිතව පමණක් පැවැත් වෙන බව සඳහන්.

ඒ වෙනුවෙන් කිසිඳු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව කාර්යාංශය සඳහන් කරයි.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post