හැමෝම හොයන තඹිලි ගෙඩියෙ කතාව ගැන ඔබ නොදුටු පැත්ත මෙන්න


 තැඹිලි ගෙඩිය දැක්කට...

"අම්මා"කෙනෙක් ව දැක්කේ නෑ නේද ???


හරි ඛේදනීය වීඩියෝවක් එලියට ඇවිත් තියෙනවා.

මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාම මේ සිද්ධිය පැතිරෙනවා.

මේක කියවන ඔයාලත් දකින්න ඇති.


ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.

මොකද අද වෙනකොට බහුතරයක් දෙනාට ලිංගිකත්වය මැජික් එකක් වෙලා තියෙනවා.

මේ වීඩියෝවේ ඉන්නේ අහිංසක අම්මෙක් සහ තාත්තෙක්.

එතන කිසිම කාම හැඟීමක් නැහැ.

තියෙන්නේ දරු සෙනෙහසක්

දරුවෙක් ගැන සිතුවිල්ලක්.

clinic පෝලිම් දවස ගානේ දික්ගැහෙන රටක් ඇතුලේ දේවාල ගානේ ඈඳෙන පිරිස ඊටත් වඩා වැඩියි.

මිනිස්සුන්ගේ අන්ධත්වය ඉහාට නැගිලා නෙවෙයි..දරුවෙක් නැතිකම , ඒ වේදනාව දැනෙන්නේ දරුවෙක් නැති දෙමාපියන්ට විතරමයි.

මේක විහිළුවක් නෙවෙයි.

මේක දිහා බලලා සතුටු වෙන්න නෙවෙයි අඬන්නයි ඕන.

සමාජයක් විදිහට අපි පිරිහිලා තියෙන විදිහ ගැන.

ලමයෙක් කිරි දෙන අම්මා කෙනෙක් දැක්කම අහක බලාගත්ත සමාජයක් තිබුණු අපේ මිනිස්සු අද අම්ම කෙනෙක්ගේ නිරුවත කිසිම හිරිකිතයක් නැතුව සමාජ මාධ්‍යට මුදාහරිනවා.


මේ අම්මයි, තාත්තයි කොච්චර නම් උත්සහ කරන්න ඇතිද, 

මැරෙන්න යන මිනිහා විය ගහෙත් එල්ලෙනවා කියන්න වගේ කරන්න දෙයක් නැතිම තැන මේ දෙයත් කරන්න ඇති.

වැරැද්ද ඒ මිනිස්සුන්ගේ නෙවෙයි අපේ.


ලමයෙක් නැතිවුණ අම්මලා තාත්තලාට කොච්වර කතාකියනවද, කවදහරි හිතලා තියෙනවද ඒ වේදනාව කොයි වගේද කියලා.

මෙච්චර දවසක් හිතුවේ නැත්නම් අදවත් හිතන්න.

මම දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.

ඒත් දරුවෝ නැති අම්මලා තාත්තලා මේ ලෝකේ කොච්චර ඉන්නවද.. 

ඔයාත් කාගෙ හරි අම්මෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක්.

දරුවන් නැති සියලු අම්මාවරුන්ට පියවරුන්ට ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවා 🥹🙏



Copied 

#LikeFollowShare

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post