පාසල් සිසුන් 5කට මරණ දණ්ඩනය.!

 


මත්ද්‍රව්‍ය මෙරට අනාගත පරපුර විනාශ කරමින් සිටින බවත් බන්ධනාගාරය තුළ එල්ලා මරන්න නියමිත පිරිමි පුද්ගලයින් 805ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාරය තුළ 805ක්. එල්ලා මරන්න නියමිත ගැහැනු ඉන්නවා 21ක් ඉන්නවා. 805න්, එල්ලා මරන්න නියමිත පාසල් සිසුන් 5 දෙනෙක් ඉන්නවා.

දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම් වලින් අංක එකට ඉන්නේ. මට හිතාගන්න බැරි මෙච්චර උගත් සමාජයක් කොහොමද කුළියට මිනී මරණ සමාජයක් බවට පරිවර්තනය වුණේ.

කොහොමද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙනල්ලා මේ රට වනසන තැනට ඒ මිනිස්සු ගෙනාවේ. ඒ හැමදේකටම මුල මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ.

අනිවාර්යයෙන්ම එල්ලා මැරිය යුතුයි. මොකද ඔවුන් විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි. ඒක පවක් නැහැ.”

නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරයි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post