හෙට සුළි කුණටුවක් ගැන අනතුරු ඇඟවීමක්


 ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ත්‍රීකුණාමලය සිට කිලෝ මීටර 800 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය අද(26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ හෙට(27) දින සුළි කුණාටුවක් සහ 28 වන දින උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ අද්‍රා ප්‍රදේශ වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර ප්‍රජාව ද මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කෙරේ.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post