විශාල පිරිසක් මරණයට පත් කරමින් ඇල්ල වැල්ලවාය පාරේ බස් රථයක් ප්‍රපාතයට පෙරළී මාරක අනතුරක් සිදුවූ ස්ථානයේ ඉදිකර ඇති නව මාර්ග බාධකය සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
අනතුරු වළක්වා ගන්නට යයි ඉදිකර ඇති මෙම නව ඉදිකිරීම් හරහා සිදුවන්නේ අනතුරට ලක්වන බස් රථය තවත් අඩි දහස් ගණනක් උඩින් ඉගිලි යාම බවද ඔහු කියා සිටී.
තවත් අඩි දහස් ගණනක් පහළට මේ හරහා අනතුරට පත් වන රථය පතිත වනු ඇති බවත් පහලින් මෙට්ට ටිකකුත් දැම්මානම් වැඩේ සම්පූර්ණ බවත් හෙතෙම කියා සිටී.
ඔහුගේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
ඇල්ල අනතුර ..
අමතක කරන්නට උත්සාහ කලෙමි.
මන්ද ..
බොහොමයක් අමිහිරි අත්දැකීම් රැසක් මා සතුව ඇති නියාවෙනි..
එත් මේ චායාරූපය …
මේ තියෙන්නේ එතැන දමා ඇති බාධක බැම්මකි..
පහලින් ඇති ප්‍රපාතය ගැන මා හොදින් දනිමි..
මේ ගැට්ටේ වැදුනොත් වාහනයක්..
ඉගිලිලාම යනු ඇත..
තවත් අඩි දහස් ගානක් පහලට ඉගිලෙනු ඇත..
..පහලින් මෙට්ට ටිකකුත් දැම්මානම් වැඩේ සම්පූර්ණය..
.😭 අතීසාරයට ගැසූ අමුඩයක් චායාරූපයකින් දැක්කේ අදය..
😢 මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්‍මය..
…….වෛද්‍ය පාලිත …
✅✅✅✅✅
