වැලිමඩ “බූතයා” කොටුවෙයි.!


 “බූතයා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සූක්ෂ්ම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබේ.

“රටම එකට” මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, වැලිමඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.

දුරකථන දත්ත විශ්ලේෂණය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, හෙරොයින් බෙදාහැරීමේ නිරත වූ එක් ප්‍රධාන සැකකරුවෙකු වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේදීත්, අනෙක් ප්‍රධාන සැකකරු ඌව පරණගම, පහළ කොටවෙර ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව, එම සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව වැලිමඩ පොලිසිය සඳහන් කරයි.

මෙම ජාවාරම ‘වට්ස්ඇප්’ (WhatsApp) තාක්ෂණය ඔස්සේ ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක කර ඇති අතර, වැලිමඩ, කැප්පෙටිපොළ, බොරලන්ද සහ ඌව පරණගම යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post