ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කල කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
2020 - 2024 කාලසීමාව තුළ මෙරට රිය අනතුරු 118,697ක් වාර්තා වී ඇති අතර එම අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 12,322ක් මිය ගොස් ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ශික මරණ අනුපාතය පුද්ගලයින් 10,000කට 11.2ක් ලෙස වාර්තා වී ඇත.
එමෙන්ම දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් අනතුරු 400ක් පමණ වාර්ශිකව සිදුවන බවත් වාර්තා වේ.
මෙලෙස මාර්ග අනතුරු හේතුවෙන් අඛණ්ඩව ඉහළ යන මරණ හා හානි අවම කරමින් සියලු මාර්ග භාවිත කරන්නන් සඳහා ආරක්ෂිත හා සැමට සමාන මාර්ග පරිසරයක් ඇති කිරීම පිණිස මාර්ග යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ආරක්ෂිත වාහන භාවිත කෙරෙන බවට තහවුරු කිරීම හා එම වාහන නියාමනය කිරීම අත්‍යාවශ්‍ය බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව එකී අරමුණු සහිතව සකස් කර ඇති මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
✅✅✅✅
