ඔවුන්ගේ සැලසුම හදිසියේම වෙනස් වුණාද? ඉෂාරාගේ ප්‍රශ්නකිරීම්වලින් නොසිතූ කරුණු රැසක් අනාවරණ කරගැනීමට හැකියාව ලැබී ඇති අතර මේ ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.
නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින අතර, තවත් සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටිනවා.
ගනේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දිගෙන් මේ වන විට විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින අතර, එම ප්‍රශ්න කිරීම්වලට අනුව හෙළිවන තොරතුරු ඔස්සේ ද වැඩිදුරටත් විර්ශන සිදුවනවා.
ඊයේ සහ පෙරේදා ඉෂාරා සෙව්වන්දි දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගියේ එලෙස හෙළි වු කරුණුවලට අදාළ විමර්ශන සඳහායි.
ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු පළා ගිය ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ නැන්දම්මා, දොඩංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් සහ මිද්දෙණිය ප්‍රදේශයේ සුපුන් නමැත්තාගේ බිරිඳ ඒ අනුව අත්අඩංගුවට ගත්තා.
කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත මතුගම ශාන් විසින් පොලිස් කොස්තාපල්වරයාගේ සහ දොඩංගොඩ පදිංචි පුද්ගලයාගේ නිවසේ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දී තිබු අතර, බැකෝ සමන්ගේ උපදෙස් මත මිද්දෙණිය ප්‍රදේශයේ සුපුන්ගේ නිවසේද ඇයට නවාතැන් පහසුකම් සලසා දි තිබුණා.
අත්අඩංගුවට පත් සිව් දෙනාම, ඉෂාරා සෙව්වන්දිත් සමඟ ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවා
ගනේමුල්ල සංජීව ඝාතනය සිදුවු දිනයේම ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් දින එක හමාරක් එහි රැඳී සිට දොඩංගොඩට ගොස් තිබු අතර, පොලිස් කොස්තාපල්වරයා පවසා ඇත්තේ ඇය නිවසින් පිටව යන තෙක් ඇය ඉෂාරා සෙව්වන්දි බවට තමන් නොදැන සිටි බවයි.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දි තවත් කරුණු අනාවරණ කර තිබෙනවා.
ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ ගනේමුල්ල සංජීව ඝාතනය වු දිනට පෙර දින එනම් පෙබරවාරි මස 18 වැනි දා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත තමන් සහ කමාන්ඩෝ සමිඳු නමැත්තා මිද්දෙණිය ප්‍රදේශයේ රැඳී සිටි බවයි.
එහෙත්, කඩිනමින් කොළඹ පැමිණෙන ලෙසට කෙහෙල්බද්දර පද්මේ කළ දැනුම්දීමකට අනුව ඔවුන් දෙදෙනා එදිනම කොළඹට පැමිණි බවත්, ඊට පසුදින එනම් පෙබරවාරි මස 19 වැනිදා අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කළ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
පොලිසිය සැකකරන්නේ පෙබරවාරි මස 18 වැනිදා අරුණ විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කිරීමට පද්මේ විසින් සෙව්වන්දි සහ වෙඩික්කරුව මිද්දෙණියට යවන්නට ඇති බවටයි.
එහෙත් හදිසියේ වෙනස් වු සැලැස්මට අනුව සංජීව ඝාතනය සඳහා ඔවුන් කඩිනමින් කොළඹට ගෙන්වන්නට ඇති බවටත්, වෙනත් පාර්ශ්වයක් යොදවා 18 වැනිදා කජ්ජා ඝාතනය සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැකකරනවා.
කෙසේ වෙතත් හෙළිවන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනවා.
මේ අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් දින 90 ක් රඳවා වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ ඊට අවශ්‍ය ලිපිලේඛන මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ගනේමුල්ල සංජීව ඝාතනය සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ පසුගිය පෙබරවාරි මස 25 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
පසුව රක්ෂිත බන්ධනාගාර ගතකළ ඔහු ඊයේ යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සංජීව ඝාතනයට අදාළ ඔහු සම්බන්ධ බවට මෙතෙක් කරන ලද විමර්ශනවලින් අනාවරණ නොවන බැවින් ඔහු මුදාහරින ලෙසයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු අධිකරණය ඔහු රුපියල් ලක්ෂ 2ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.

✅✅✅✅✅