71 හැවිරිදි කතකට මිරිස් කුඩු ගසා කරපු දේ ගැන ඇසෙන සංවේදි පුවත


 මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ 71 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ අතිශය සංවේදී සිදුවීමක් වාර්තා වේ.

මියගිය කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පෙර මියගොස් ඇති අතර, එතැන් සිට ඇය මෙම නිවසේ තනිවම වාසය කර ඇත.

ඊයේ (24) දිනයේදී, යාබද නිවසක පදිංචි කාන්තාවක් ඇය පිළිබඳව සොයා බැලීම සඳහා නිවසට පැමිණි අවස්ථාවේදී, මෙම වයෝවෘද්ධ කාන්තාවගේ සිරුර මුහුණ පුරා මිරිස් කුඩු තැවරී බිම වැටී සිටිනු දැක තිබේ. ඇය විසින් වහාම ඒ පිළිබඳව මිනුවන්ගොඩ පොලීසිය දැනුවත් කර ඇත.

පසුව, සිද්ධිය වූ ස්ථානයට පැමිණි මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂණයක් සිදු කළාය. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම කාන්තාව දූෂණය කර, පසුව මුහුණට මිරිස් කුඩු ගසා ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව, මරණයට හේතුව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය. ඒ අනුව, දේහය ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට නියමිතය.

මෙම කම්පනීය අපරාධය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post