ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙම පද්ධතිය හෙට (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී එළඹෙන (27) වැනිදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
පවතින වැසි තත්ත්වය එළඹෙන (28) වැනිදා දක්වා පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතියි.
✅✅✅
