විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ තීරණය හෙට (14) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
6.8% කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත ලබාදී තිබුනා.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් මහජන මත විමසීමක්ද සිදුකළ අතර සියළු සාධක සලකා බැලීම්මෙන් නතුරුව විදුලි ගාස්තු සංශෝධණය හෙට දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
එමෙන්ම IMF වැඩසටහනේ බලපෑම හා නිර්දේශ මත ඉදිරියේදී විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීම සඳහා වැඩි ඉඩ කඩක් පවතින බව ඇතැම් විශේෂඥයින් පෙන්වා දුන්නා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අණතුරු අඟවා තිබුනේ නව විදුලි ගාස්තු සංශෝදනය අනුව විදුලිඛිල තවදුරටත් වැඩි කිරීමක් සිදු නොවේ යැයි ප්‍රාර්ථනා කරන නමුත් රජය යම් හෙයකින් විදුලිඛිල වැඩි කළහොත් මහ පාරට බැස සටන් කරනා බවයි.
✅✅✅✅✅
.
