බැකෝ සමන්ගේ දුරකතනයේ “නාමල් සර්.. මගේ සර් රාජපක්ෂ” මේ කවුද.?


 රජය සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස යමින් අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ සංවිධානාත්මක අපරාධ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයක් නැත්නම් බිය වීමට කාරණයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, බෙදාහරින්නෝ, ඒගොල්ලෝ පසුපසින් යමින් තමයි අත්අඩංගුවට ගනිමින් තිබෙන්නේ. ඉතිං නාමල් මොකටද බය වෙන්නේ. නාමල් බයවෙන්න කාරණයක් නෑ. එතුමා මේ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධයක් නැත්තම්.

හැබැයි අපි දන්නේ නෑ. අන්න තියෙනවා සමහර දුරකතන වල ඉතිං කාගෙද දන්නෑ, නාමල් සර්. මගේ සර් රාජපක්ෂ. ඉතිං අර දුරකතන වල තියෙනවා. බැකෝ සමන්ගේ දුරකතන වල තියෙනවා. ඉතිං අපි දන්නෑ මේ නාමල් ද, වෙන නාමල් කෙනෙක් ද, අපි දන්නෑ.

මගේ සර් රාජපක්ෂ කියන්නේ, මේ රාජපක්ෂ පවුලේ කෙනෙක් ද, වෙන රාජපක්ෂ කෙනෙක් ද කියලා අපි දන්නේ නෑ. ඉතිං කළබල වෙන එක සමහරවිට අහන්න දෙයක් නෑ, මොකද මම කලින් කීවා වගේ අඹ කාපු අයගේ මොලේ දනවා. මුළු ඇගම දනවා.”

✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post