ආයේ වාහනවලට ෂෙඩ්වලින් තෙල් ගහන්නේ බලාගෙන මෙහෙමත් හොරු


 කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් අද (18) පස්වරුවේ වරකාපොල මාහේන ප්‍රදේශයේ ඇති ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය ඉන්ධන ගබඩාවක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු තෝලංගමුව සහ දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පරීක්ෂණවලදී එම ගබඩාවේ තිබූ ඩීසල් තෙල් ලිටර් 790 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වරකාපොල පොලිසියට භාර දී ඇත.

ඒ අනුව මෙවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට පොලිසිය දැඩි පියවර ගෙන ඇති බවද සඳහන් වේ.


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post