පද්මේ ඩුබායිදී මගෙන් සුදුවෙන්න ක්‍රීම් ඉල්ලුවා එච්චරයි - පියුමි හංසමාලි


 සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා මුල් කරගනිමින්, ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (21) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීමකට අනුව ඇය ඊයේ පෙරවරුවේ අදාළ අංශය හමුවේ පෙනී සිටි අතර, එහිදී පැය තුනකට අධික කාලයක් ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.


ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි පියුමි හංසමාලි, වෙනදා මෙන් නොව මාධ්‍ය මගහරිමින් පිටව යාමට උත්සාහ කළාය. මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය සඳහන් කළේ තමන් පැමිණියේ පැමිණිල්ලක් සිදු කිරීමට බව වුවත්, ඇය නීතිඥයෙකු සමග පැමිණ නොසිටීම සහ ඇයගේ හැසිරීම සැකයට භාජනය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලට අනුව, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මෙරට රංගන ශිල්පිනියන් සහ නිරූපණ ශිල්පිනියන් පස් දෙනෙකු පමණ සමග සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

දැනට රැඳවුම් භාරයේ පසුවන පද්මේගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

එම ශිල්පිනියන් ඩුබායිහි සංචාරය කළ අවස්ථාවලදී කෙහෙල්බද්දර පද්මේ සමග රැඳී සිටිමින් ලබාගත් ඡායාරූප කිහිපයක්ද ඔහුගේ දුරකථනයේ තිබී විමර්ශකයන් විසින් සොයාගෙන ඇත. පියුමි හංසමාලි සහ පද්මේ අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳ දත්ත ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව සඳහන් වේ.

අදාළ ඡායාරූපවල සිටින අනෙකුත් රංගන සහ නිරූපණ ශිල්පිනියන්ගෙන් ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.

පියුමි හංසමාලි මහත්මියගේ හදිසි ධනවත් වීම සම්බන්ධයෙන් සහ ඇයගේ බැංකු ගිණුම් 20ක් හරහා රුපියල් කෝටි 400ක පමණ මුදලක් සංසරණය වීම පිළිබඳව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද මේ වන විටත් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සිදුවීම් මධ්‍යයේ, පියුමි හංසමාලි සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණේ, තමන් 2022 වසරේ ඩුබායිහි පැවති උත්සවයකදී පද්මේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවූ බවත්, ඔහු තම සම ආලේපන නිෂ්පාදන මිලදී ගැනීමට කැමැත්ත පළ කළ බවත්ය. තමන් කිසිදු නීති විරෝධී මුදලක් ලබාගෙන නොමැති බවද ඇය එම සටහන මගින් සඳහන් කර තිබිණි.
එම සටහන පහතින්

Hi 👋🏻 good afternoon 😃 my lovely friends have a beautiful day🤣🔫  මම මිට අව්රැදු 4 කට කලින් එ කියන්නෙ 2022 April dubai වල අව්රැදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ ඔහු ඔහුගෙ බිරිදත් දරැවන් ෙදන්නාත් සමගම ඇවිල් මා සමග
පිංතර ගත්තා ❤️ එ ආවාස්තාවෙ ඔහු පැවසුවෙ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනෙ යනුවෙන් ඉතිං piumi skin ඔහුට ඔනෙ මම කිව්වා අරං ගාන්න කියලා 🤣 මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සන🙊 CID මාත්තුරැ මගෙන් විමසුවෙ ඔහු සමග මුදල් ගනුෙදනු කර ඇති ද යන්න 🙉 never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited  තියනවා ඉතිං      ඉතිං පාතාලෙ  එකෙක්ගෙ සල්ලි මට එපා යකු🤣🔫 ඔවා අරං නිකං වෙඩි කාලා mereන්න මට බැ මම ඔවාට පට්ය බයයි promise 🙏    Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඔනැම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා ❤️🤣


✅✅✅✅✅✅ 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post