ජල ව්‍යාපෘති සම්බන්ධ ව්‍යාපෘතීන් සම්පූර්ණ කළේ නැති වීම හෝ එම වැඩ අතරමග නවතා දැමීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකර ඇති බව නවතම විගණන වාර්තාවක් පෙන්වා දෙයි.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එම අත්තිකාරම් මුදල් මෙම 2025 වසරේ මාර්තු වන විටත් කොන්ත්‍රාත්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කර නැත.
ඒ හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් 1,843,755,280ක් බව නවතම විගණන වාර්තාවක් පෙන්වා දෙයි.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත ජල ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාත් සඳහා මෙම මුදල ලබාදී ඇත.
රජයේ මුදල් කිසිදු සැළකිල්ලකින් තොරව හා කිසිදු ප්‍රතිලාභයක් නැතිව තුන්වන පාර්ශ්වයකට දීර්ඝ කාලයක් තබා ගැනීමට ඉඩහැරීම පිළිබඳව අදාළ නිළධාරීන් වගකිව යුතු බව විගණන වාර්තාවේ දැක්වෙයි.
ඊට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වා විනය ක‍්‍රියාමාර්ග ගත යුතු බව විගණන වාර්තාවේ තවදුරටත් සඳහන් කරයි.
✅✅✅✅✅
