අනිද්දා (05) ලොකු සුනාමියක් එනවා.. කව්රුත් කලබල වෙන්න එපා.!


 ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව, ලබන බදාදා (05) දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ සුනාමි පෙරහුරු අභ්‍යාසයක් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එදින පෙරහුරුව අතරතුර සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් විය හැකි බැවින්, ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මෙම පෙරහුරුව, යුනෙස්කෝ සංවිධානයේ නිල මාර්ගෝපදේශ යටතේ පැවැත්වෙන විශේෂ අභ්‍යාසයක් පමණක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහකදී මෙම ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එහි ප්‍රධාන ජාතික අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් එදින පෙරවරු 8:30 ට ආරම්භ වීමට නියමිතය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අමාත්‍යාංශ කිහිපයක්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පාසල් සහ හෝටල් ඇතුළු පාර්ශවකාර ආයතන රැසක් මෙම පෙරහුරුව සඳහා සහභාගී වනු ඇත.

කෙසේ වෙතත්, පෙරහුරුව අතරතුර සැබෑ සුනාමි තත්ත්වයක් ඇති වුවහොත්, අභ්‍යාසය වහාම නතර කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහතික වෙයි. එවැනි හදිසි අවස්ථාවකදී, ස්ථාපිත ජාතික ක්‍රමවේදයන්ට අනුව නිල අනතුරු ඇඟවීම් නිකුත් කර, ජනතාව ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post