රටේ ජනතාවගේ මතය සහ ජනතාවගේ හඬ ආණ්ඩුවට දැනෙන විදිහට කියන්න පුළුවන් බලවේගයක් ගොඩනැගෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“අපිට විශ්වයෙන් පණිවුඩ දෙන මාධ්‍යවේදින් නෑ. යුටියුබ් කරන අයත් නෑ. (21) වැනිදාට ඉදලා බලන්න. ආණ්ඩුවට කියන්නේ (21) වැනිදාට බලන්න. අර විශ්වයෙන් පණිවුඩ එන එක්කෙනාගෙන් අහල බලන්නත් පුළුවන්.”
“ආණ්ඩුවට පණිවුඩයක් දෙනවා. ස්වෙච්චාවෙන් විශාල පිරිසක්, දැන් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක සාකච්ජා කරනකොටත්, ප්‍රදේශීය සභා මන්ත්‍රීතුමාලා, තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, ස්වෙච්චා සංවිධාන, ව්‍යාපාර සංවිධාන සියලු දෙනාම මේ රැස්වීමට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව කතා කරනවා.
සාකච්ජා කරනවා. ඉතින් බස්වල වෙන්න පුළුවන්, වාහනවල වෙන්න පුළුවන්, කෝච්චි වෙන්න පුළුවන් විශාල ප්‍රමාණයක් එනවා.”
“මේ රටේ ජනතාවගේ මතය සහ ජනතාවගේ හඬ ආණ්ඩුවට දැනෙන විදිහට කියන්න පුළුවන් බලවේගයක් ගොඩනැගෙනවා. අපි ඉදිරි කාලසීමාව තුළ හැම පක්ෂයක් එක්කම සාකච්ජා කරනවා. මේ පළවෙනි රැස්වීම විතරයි. පළවෙනි රැස්වීමේ ෆුල් ටීම් එක දාන්නේ නෑ.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
✅✅✅✅✅
