ජනතාව නොමඟ යවමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නම වැරදි ලෙස භාවිතා කර තොරතුරු ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සංසරණය වන බවට තොරතුරු වාර්තා වනවා.
ඒ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳවයි.
ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සහ මහජනතාවගේ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, හිතාමතාම වැරදි තොරතුරු පැතිරවීමට එරෙහිව විශ්ව විද්‍යාලය සුදුසු පියවර ගැනීමටද තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය සහ සත්‍යාපිත සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත් කරන ලද විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ නිල නිවේදන සහ යාවත්කාලීන කිරීම් මත පමණක් විශ්වාසය තබන ලෙස මහජනතාවගෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉල්ලීමක් කරනවා.
ඖෂධීය නිෂ්පාදනවල ඖෂධීය ගුණ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින පර්යේෂණ ව්‍යාපෘති ගණනාවක් තවමත් සායනික අත්හදා බැලීම් හෝ නියාමන අනුමැතියේ අදියර කරා ළඟා වී නොමැති අතර, එබැවින් එවැනි සූදානම ලියාපදිංචි ඖෂධ ලෙස සැලකිය නොහැකි බවයි , කොළඹ විශ්ව විද්‍යාලය පෙන්වා දෙන්නේ.
✅✅✅✅✅✅✅✅
