අමුතුම බිස්නස් කළ මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා ගැන හෙළිවූ කරුණු.!


 හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල පාසලක විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (26) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

සැකකරුවන් සන්තකයේ තිබු හෙරොයින් බවට සැක කෙරෙන ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.

පළමු සැකකාර විදුහල්පතිවරයා කලක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරගනෙ ගොස් ඇති බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන්ගේ නමින් ඇති දුරකතන සම්බන්ධව දුරකතන විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය සියලු දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට නියෝග කළාය.

එප්පාවල, කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල ඇඳගල නල්ලමුදාව පාර පදිංචි තරිඳු ධනංජය වික්‍රමසිංහ යන සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සැමියා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීමත් සමග ඇය සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්විය.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post