හෙඳ නිළධාරීන්ගේ නිල ඇඳුම ගැන රජයේ තීරණය දැනුම්දෙයි


 හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ,  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා විසින් 1992 අගෝස්තු මස 7 වන දින ඉදිරිපත් කරන ලද පෞද්ගලික යෝජනාවකට අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කළද, හෙද නිලධාරීන්ගේ නිල ඇඳුමට අදාළව එවැනි අනුමැතියක් ලැබූ ලියවිල්ලක් අමාත්‍යාංශය සතුව නොමැති බවයි.


එම යෝජනාව ඉදිරිපත් කර මේ වන විට වසර 33 කට ආසන්න කාලයක් ගත වී ඇති බවත්, ඉන්පසු රජයන් කිහිපයක් පැවතුණද, එම යෝජනාව ක්‍රියාත්මක වූ බවට කිසිඳු තැනක සඳහනක් නොමැති බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙනවා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post