දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ අභිරහස් සමුගැනීමට හේතුව හෙළිවෙයි


 මෙවර උසස් පෙළ විභාගයට මුහුණදීමට සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි සිසුවියක් සිය කාමරය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී පෙරේදා (10) උදෑසන සොයා ගැනුණා.

මියගිය සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවයි.


මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි වයස අවුරුදු 19ක සිසුවියක්.


පසුගිය 9 වනදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු ඇය පෙරේදා (10) උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.


එහිදී ඇය සිය කාමරය තුළ සිහිසුන්ව සිටිය දී සොයාගෙන ඇති අතර, අනතුරුව වහාම ඹුල්ල මූලික රෝහල වෙත ඇයව රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.


කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post