රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදන්…


 වසර ගණනාවක් පුරා සිනමාවට සහ ටෙලිනාට්‍යවලට කලා අධ්‍යක්ෂවරයෙකු ලෙසින් මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසින් ද දායකත්වය සැපයූ සම්මානලාභී රංජිත් ද සිල්වා මහතා නොවැම්බර් මස 19 වන දින සවස 6.00 න් පසුව අතුරුදන් වී ඇත.


ඔහුගේ ඥාති පුත්‍රයා වන ලහිරු විජේරත්න මහතා මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවසුවේ, තමා ඒ පිළිබඳව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය දැනුවත් කළ බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අතුරුදන් වන අවස්ථාවේදී රංජිත් ද සිල්වා මහතා නිවසේ සිටි බවත්, පසුව සුදු පැහැති ටී-ෂර්ට් එකක් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ පිටව ගිය බවත්ය. කැලණිය ටයර් හන්දිය ආසන්නයේදී කිහිප දෙනෙකු විසින් අවසන් වරට ඔහු දැක තිබේ.

වයස අවුරුදු 75 ක් වූ එක් දරු පියෙකු වන ද සිල්වා මහතාට අමතක වීමේ රෝගී තත්ත්වයක් (ඩිමෙන්ෂියා) පැවති බවත්, ඔහු නිවසින් පිටව යන විට මුදල් පසුම්බියක් හෝ ජංගම දුරකථනයක් වැනි කිසිවක් රැගෙන ගොස් නොතිබූ බවත් ඥාති පුත්‍රයා සඳහන් කළේය.

“ඉසුරු භවන”, “පිටගම්කාරයෝ”, “දැවැන්තයා” වැනි ජනප්‍රිය ටෙලිනාට්‍යවලට මෙන්ම “නෙයිනගෙ සූදුව” සහ “සාජන්ට් නල්ලතම්බි” වැනි වේදිකා නාට්‍යවලට ද ඔහු රංගනයෙන් දායක වී ඇත.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post