සූර් වූ ජනප්‍රිය නිළියක් කාන්තවන් දෙදෙනෙකුගේ කකුල් උකුල් කඩලා.!


 බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී ජනප්‍රිය නිළියක විසින් පදවන ලද මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැලිකඩ පොලිසිය පවසයි. කොළඹ විශාඛා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අවසානයේ මෙම අනතුර සිදුවී තිබේ.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් 27 හැවිරිදි කොටිකාවත්ත ප්‍රදේශයේ සහ 36 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවට හඳුනාගෙන ඇත. මූලික විමර්ශනවලට අනුව, එක් කාන්තාවකගේ පාදයක් බිඳී ඇති අතර, අනෙක් කාන්තාවගේ උකුල් ඇටයට හානි සිදුවී ඇති බව වාර්තා වේ.

පසුගිය 20 වන දින පෙරවරු 10.30ට පමණ අදාළ හෝටල් භූමියේදී, නිළිය සිය මෝටර් රථය පසුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරින් පසු, සිද්ධියට සම්බන්ධ ජනප්‍රිය නිළිය ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් වී ඇති බව පොලිසිය තහවුරු කළේය.

සිද්ධිය වන අවස්ථාවේ නිළිය මත්පැන් පානය කර සිටියේද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත, නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව විමර්ශන අරඹා ඇත.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post