විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත ‘1818’ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
එබැවින් ඒ ඔස්සේ මහජනතාවට රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බව දැනුම් දෙයි.
✅✅✅✅✅✅
