28 හැවිරිදි විවාහකයාගේ සිරුර පොල් වත්තක


 බෙලිඅත්ත පොලිස් වසමට අයත් නාකුළුගමුව, දෙද්දුවාවෙල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක තිබී දැඩි ලෙස නරක් වූ පිරිමි මළ සිරුරක් අද (30) දින උදෑසන සොයාගෙන තිබේ. එම ඉඩමේ පොල් කැඩීම සඳහා ගිය පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක, ඒ පිළිබඳව ඉඩම් හිමිකරුවන් මාර්ගයෙන් පොලිසිය දැනුවත් කර ඇත.


මෙසේ මියගොස් ඇත්තේ දින 11 කට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. ඔහු බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි විතාරණ පණ්ඩිතගේ විරාජ් ප්‍රසන්න නැමති 28 හැවිරිදි විවාහකයෙකු බවට හඳුනාගෙන තිබේ.


අතුරුදන් වූ මෙම පුද්ගලයා පසුගිය 19 වන දින රාත්‍රී 7.00 ට පමණ සිය යතුරුපැදියෙන් නිවසින් පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් බෙලිඅත්ත පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබිණි. මියගිය පුද්ගලයා පිටත්ව ගිය යතුරුපැදිය නාකුළුගමුව දුම්රිය ස්ථානයේ නවතා තිබියදී පොලිසිය මීට පෙර සොයාගෙන තිබූ බවද සඳහන් වේ.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post