අද ඉඳන් පැය 30ක් වතුර නෑ - කප්පාදුවක්


 අද (20) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු 8.00 සිට පසුදින (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇති බවයි.

එමෙන්ම ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් නිසා මෙසේ ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දක්වයි.

එබැවින් බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

එසේම අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

කෙසේ වෙතත් මෙසේ ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post