සුවිශේෂී තාරකා වස්තුවක් “3I/Atlas” ලෙස නම් කර ඇති දුර්ලභ තාරකා වස්තුවක් (29) දින පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව නාසා ආයතනය සඳහන් කරයි.
පෘථිවිය පිහිටි සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට පෘතිවිය පිහිටි සෞරග්‍රහ මණ්ඩලය කරා පැමිණි තුන්වැනි තාරකා වස්තුව මෙය බව නාසා ආයතනය සඳහන් කරයි.
මීට පෙර 2017 සහ 2019 යන වසර වලදීද එවැනි දුර්ලභ වස්තූන් පිළිබඳව තොරතුරු වාර්තා වු අතර මෙම වසරේ ජූලි මාසයේදී මුල් වරට හඳුනාගත් තාරකා වස්තුව මෙය වේ.
මෙම තාරකා වස්තුව අභ්‍යවකාශය හරහා ගමන් ගන්නේ තත්ත්පරයට කිලෝ මීටර 68ක වේගයකින් වන අතර එය සුර්යයා වටා කක්ෂගත නොවන නමුත් (30) දින එය සූර්යයාගේ සිට, කිලෝමීටර මිලියන 210ක් පමණ දුරින් ගමන් ගන්නා බව නාසා ආයතනය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම තාරකා වස්තුවේ ගමන් මග, පෘථිවියට හෝ සුර්යයාට කිසිදු බලපෑමක් ඇති නොකරන බව තාරකා විද්‍යාඥයින් අවධාරණය කරයි.
✅✅✅✅✅✅✅
