මට්ටක්කුලියෙන් සහ පමුණුගමින් නාඳුනන මළ සිරුරු තුනක් හමුවේ
මට්ටක්කුලිය සහ පමුණුගම යන ප්‍රදේශවලින්, නාඳුනන පිරිමි මළ සිරුරු තුනක් සොයාගත් බව පොලීසිය පවසයි.
ඊයේ (29) දින අදාළ පොලිස් ස්ථාන වෙත ලැබුණු තොරතුරු මත මෙම සිරුරු සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කර තිබේ.
මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ සහ කැලණි ගඟේ මෝය කට ආසන්නයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් හමුවී ඇත. අනෙක් මළ සිරුර පමුණුගම, එපාමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඉඩමේ තිබී සොයාගෙන තිබේ.
පමුණුගම ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයා, මියයන විට කළු පැහැති සරමක් සහ ලා නිල් පැහැති අත් කොට කමිසයක් හැඳ සිට ඇත. ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර, උස අඩි 5යි අඟල් 7ක් පමණ වන, කෙට්ටු ශරීරයකින් යුත් පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයින් තිදෙනාගේම අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මට්ටක්කුලිය පොලීසිය විසින් විමර්ශන සිදුකරන මළ සිරුරු දෙක කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පමුණුගම ප්‍රදේශයෙන් හමුවූ මළ සිරුර, හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
✅✅✅✅✅✅
