වත්තේගම පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන සිටියදී පලාගිය සැකකරුවෙකු නැවත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් වාර්තා අනුව, මහනුවර මැණික්හින්නේ පදිංචි 34 හැවිරිදි මෙම සැකකරු පසුගිය මස 18 වැනිදා පොලිස් අත්අඩංගුවේ සිටියදී මංචු පිටින් පලා ගොස් තිබුණා. ඔහු විදුලි කියතකින් මංචු යුගලය කපා ඉවත් කර ගෙන ඇති බවත්, එම ක්‍රියාවට ඔහුගේ මිතුරෙකු ද සහභාගී වී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුගේ මිතුරා අත්අඩංගුවට ගැනීම සඳහා ද මේ වන විට පරීක්ෂණ පවත්වන බව වත්තේගම පොලිසිය සඳහන් කරයි.
පොලිස් කණ්ඩායමක් දින දෙකක් පුරා රැකවල්ලා සිටීමෙන් පසු, අද (20) අලුයම ඔහුගේ නිවසේදී සැකකරු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
✅✅✅✅
