ඉදිරි පැය කිහිපයේ ඇති විය හැකි තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
අයහපත් කාලගුණයෙන් දිවයින පුරා පුද්ගලයින් 8,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව ශ්‍රී ලංකාව ආසන්නයේම නොවුණත් ඈත සාගර කලාපයේ තවත් අඩු පීඩන කලාප තුනක් වර්ධනය වී තිබෙන ආකාරය ඔබට මේ ආකාරයට දැකගත හැකියි.
අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 241ක වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගාල්ල සිරිකඳුර ප්‍රදේශයෙන්.
ගාල්ල මොනරවි වතුයාය ප්‍රදේශයට ද මිලිමීටර 229යි දශම 2ක වර්ෂාපතනයක් වාර්තා වුණා.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේම බලපිටිය, බෙන්තොට වත්ත, දිවිතුරවත්ත,බද්දේගම යන ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව ප්‍රදේශයටත් මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇදහැලුණා.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.

✅✅✅✅✅✅✅✅