දෙමව්පියන් සතු දේපළ අනිවාර්යයෙන්ම දරුවන්ට හිමිද? ලංකාවේ දේපළ බෙදී යාමේ ක්‍රමවේදය, ඔබේ අයිතිය, නීතිය සහ රැකවරණය හරියටම දැනගනිමු! 📜👨👩👧👦
"එකම ලේ" යැයි කියූවද, සහෝදරයන්ගේ ලේවල වර්ගය පවා වෙනස් වන තැනක් ලෙස දෙමව්පියන්ගේ දේපළ හඳුන්වා දිය හැකිය. එකට සෙල්ලම් බත් කාපු සහෝදර සහෝදරියන්, ඉඩමකින් පර්චසයක් තමන්ට අඩුවූ බව කියමින් අධිකරණයේදී දරුණු ලෙස ගැටෙන අවස්ථා සුලභය. 💔 ඉතින්, මේ දේපළ ආරවුල්වලට තිත තියන්න නම්, ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ දේපළ උරුම වන ආකාරය සහ තමන් සතු දේපළ අන්සතු වීමේ අවදානමෙන් ආරක්ෂා වන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ⚖️✨
👑 අයිතිකරුගේ පරම අයිතිය, දේපළ දෙන්නේ කාටද?
බොහෝ දෙනෙක් සිතා සිටින්නේ දෙමව්පියන්ගේ දේපළ දරුවන්ට අනිවාර්යයෙන්ම උරුම විය යුතු බවයි. නමුත් එය සම්පූර්ණ සත්‍යයක් නොවේ. 🤷♀️ නීතියට අනුව, දරුවන් වයස 18 වන තුරු (හෝ අධ්‍යාපනය ලබන්නේ නම් 25 වන තුරු) නඩත්තු කිරීමට පමණක් දෙමව්පියන්ට වගකීමක් ඇත. ඒ හැර, තමන් සතු දේපළ දරුවන්ටම ලබා දිය යුතු යැයි නීතිමය බැඳීමක් ඔවුන්ට නැත. ඕනෑම පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළ තමන් කැමති අයෙකුට තම දේපළ විකිණීමට හෝ තෑගි ඔප්පුවකින් පැවරීමට පූර්ණ අයිතියක් ඇත. එසේත් නැතිනම්, තමන්ගේ මරණයෙන් පසු දේපළ බෙදී යා යුතු ආකාරය සඳහන් කර අන්තිම කැමති පත්‍රයක් සකස් කළ හැකිය. ✍️📜
🤷♂️ කිසිදු පැවරීමක් නොකළහොත් නීතියෙන් සිදුවන්නේ කුමක්ද?
යම් පුද්ගලයෙකු ඉහත සඳහන් ආකාරයට තම ජීවිත කාලය තුළ හෝ අන්තිම කැමති පත්‍රයකින් දේපළ පැවරීමක් සිදු නොකර මිය ගියහොත් පමණක්, නීතියේ ප්‍රතිපාදන අනුව උරුමය තීරණය වේ. සාමාන්‍ය නීතිය යටතේ දේපළ බෙදී යන පිළිවෙල මෙසේය
👨👩👧👦 විවාහක දරුවන් සිටින අයෙකු මිය ගිය විට
දරුවන් සිටින විවාහක පුද්ගලයෙකු මිය ගිය විට, ඔහුගේ හෝ ඇයගේ දේපළවලින් අඩක් (1/2) ජීවත්ව සිටින කලත්‍රයාට (සැමියාට හෝ බිරිඳට) 🧍♂️/🧍♀️ හිමිවේ. ඉතිරි අඩ (1/2) දරුවන් 👧👦 අතර සමාන කොටස් වලින් බෙදී යයි. උදාහරණයක් ලෙස, දරුවන් දෙදෙනෙකු සිටී නම්, එක් එක් දරුවාට මුළු දේපළෙන් හතරෙන් එකක (1/4) කොටසක් උරුම වේ.
👩👧👦 කලත්‍රයෙකු නොමැතිව දරුවන් පමණක් සිටින විට
මිය යන විට ජීවත්වන සැමියෙකු හෝ බිරිඳක් නොමැති නමුත් දරුවන් සිටී නම්, සම්පූර්ණ දේපළ ප්‍රමාණය දරුවන් 👧👦 අතර සමානව බෙදී යයි. මෙම බෙදී යාමේදී දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, වැඩිමහල් බව හෝ ඔවුන් කුලවද්දා ගත් (දරුකමට හදාගත්) දරුවන් ද යන්න සලකා බලනු නොලැබේ. සියලුම දරුවන්ට සමාන හිමිකමක් ලැබේ.
👨👩👧 දරුවන් නොමැතිව කලත්‍රයා සහ දෙමාපියන් සිටින විට
මියගිය පුද්ගලයාට දරුවන් නොමැති නමුත්, ජීවත්වන කලත්‍රයෙකු 🧍♂️/🧍♀️ සහ දෙමාපියන් 👴👵 සිටී නම්, දේපළවලින් අඩක් (1/2) කලත්‍රයාට හිමිවේ. ඉතිරි අඩ (1/2) දෙමාපියන්ට හිමිවන අතර, ඒ අනුව මවට සහ පියාට වෙන් වෙන්ව මුළු දේපළෙන් හතරෙන් එක (1/4) බැගින් උරුම වේ.
👨👩👧👦 කලත්‍රයා සහ දරුවන් නොමැති විට
මියගිය පුද්ගලයාට දරුවන් හෝ කලත්‍රයෙකු නොමැති නම්, සියලු දේපළ දෙමාපියන් 👴👵 අතර සමානව බෙදී යයි. දෙමාපියන්ගෙන් එක් අයෙකු පමණක් ජීවතුන් අතර සිටී නම්, මියගිය මාපියාට හිමිවිය යුතු කොටස, මියගිය පුද්ගලයාගේ සහෝදර සහෝදරියන් 👫 අතර සමානව බෙදී යයි. දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර නොමැති විට, දේපළ සහෝදර සහෝදරියන් අතර බෙදී යන අතර, ඔවුන්ගෙන් කෙනෙකු මියගොස් ඇත්නම් එම කොටස ඔවුන්ගේ දරුවන්ට 👨👩👧 උරුම වේ.
👵👴 සමීපතම ඥාතීන් කිසිවෙකු නොමැති විට
දරුවන්, කලත්‍රයා, දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් කිසිවෙකු ජීවත්ව නොසිටින අවස්ථාවක, දේපළ සීයා සහ ආච්චිට 👵👴 උරුම විය හැකිය. ඔවුන්ද ජීවතුන් අතර නොමැති නම්, මවගේ හෝ පියාගේ සහෝදර සහෝදරියන් (එනම් මියගිය අයගේ නැන්දලා, මාමලා, බාප්පලා හෝ මහප්පලා) වෙත දේපළ උරුම වේ.
👩❤️👨 කලත්‍රයා පමණක් ජීවත්ව සිටින විට
මියගිය පුද්ගලයාට දරුවන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, සීයා, ආච්චි හෝ නැන්දලා මාමලා නොමැතිව, කලත්‍රයා 🧍♂️/🧍♀️ පමණක් ජීවත්ව සිටී නම්, සම්පූර්ණ දේපළ ඔහුට හෝ ඇයට උරුම වේ.
🏛️ කිසිදු ඥාතියෙකු ජීවත්ව නොසිටින විට
ඉහත සඳහන් කිසිදු ඥාතියෙකු ජීවත්ව නොසිටින අවස්ථාවකදී, මියගිය පුද්ගලයාගේ දේපළ රජයට 🏛️ පැවරේ.
🏡 "මහගෙදර බාලයාට" - ඇත්තක්ද? නැත්නම් කටකතාවක්ද?
අපේ සමාජයේ පවතින තවත් බලවත් දුර්මතයක් නම්, පවුලේ බාලම පිරිමි දරුවාට "මහගෙදර" උරුම විය යුතු බවයි. 🙅♂️ මෙය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ප්‍රවාදයක් වන අතර, සාමාන්‍ය නීතිය යටතේ දේපළ බෙදී යාමේදී බාල-වැඩිමහල් බව කිසිසේත්ම අදාළ නොවේ. ❌
🎁 තෑගි ඔප්පුව මගෙන් දුන් ආදරය අසරණකමක් කරගන්න එපා!
දෙමව්පියන් තම දරුවන්ට දේපළ පවරන ප්‍රධානම ක්‍රමයක් වන්නේ තෑගි ඔප්පුවයි. ආදරය, කරුණාව සහ විශ්වාසය මත පදනම්ව ලබාදෙන මෙම පැවරීම්, සමහර විට දේපළ දුන් අයටම පාරට බහින්න සිදුවන තැනට කටයුතු යොමුකරයි. 😥💔 දරුවා තමන්ව හොඳින් බලාගනීවි යන විශ්වාසය මත, කිසිදු කොන්දේසියක් නොමැතිව නිවස පවරා දුන් පසු, එම දරුවා විසින්ම පියාව නිවසින් එළියට දැමූ අවස්ථා සමාජයේ ඇත. මෙවන් අසරණ තත්වයකට පත් නොවීමට නම්, තෑගි ඔප්පුවක් සකස් කිරීමේදී ඉතා දුර දිග බලා කටයුතු කළ යුතුය. හොඳම ක්‍රියාමාර්ග වනුයේ
🛡️ ජීවිත භුක්තිය තබා ගැනීම
දේපළ දරුවාට පැවරුවද, තමන්ගේ මරණය දක්වා එහි භුක්තිය (පදිංචිව සිටීමට, ආදායම් ලැබීමට ඇති අයිතිය) තමන් සතුව තබා ගැනීමයි. මෙලෙස ජීවිත භුක්තිය පමණක් රඳවා ගැනීමෙන්, දීමනාකරුට එම ඔප්පුව අවලංගු කිරීමේ හැකියාවක් නොලැබෙන බව මතක තබාගත යුතුය. නමුත් දීමනාකරුගේ අවසරයකින් තොරව ලැබුම්කරුවට දේපල විකිණීමට හෝ අන්සතු කිරීමට හැකියාවක් නොලැබේ.
✍️🔐 අවලංගු කිරීමේ බලයට යටත්ව පැවරීම
මුල් කාලීන තෑගි ඔප්පු තුළ, ( දැනටත් යම් නොතාරිස්වරුන්ගේ ඇතුළත් කරනු දක්නට ඇත) "මෙම තෑගි ඔප්පුව මා කැමති ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමේ බලයට යටත් වේ" යනුවෙන් වගන්තියක් ඇතුළත් කෙරේ.
නමුත් ප්‍රායෝගික නීති භාවිතයේදී, මෙම වගන්තිය ඇතුළත් කළ පමණින්, දීමනාකරුට කිසිදු සාධාරණ හේතුවකින් තොරව හිතුවක්කාරී ලෙස එම බලය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සීමා වී ඇත.
තෑගි ලබන්නාට සිදුවන බලවත් අසාධාරණය වැළැක්වීම සඳහා, අධිකරණ තීන්දු මගින් මෙම බලය ක්‍රියාත්මක කිරීමේදී, 2017 අංක 5 දරන පනතින් අපේක්ෂා කරන ආකාරයේ බලවත් අකෘතඥතාවක් වැනි සාධාරණ සහ යුක්තිසහගත හේතුවක් පැවතීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. එබැවින්, එවැනි වගන්තියක් තිබුණද, පැවරීමක් අහෝසි කිරීම සඳහා ප්‍රබල හේතුවක් ඉදිරිපත් කිරීමට දීමනාකරුට සිදුවනු ඇත.
එබැවින් වර්තමාන පෑගිය ඔප්පු ලිවීමේදී මෙම වගන්ති ඔප්පු තුළ ඇතුළත් කරමු දක්නට නොලැබේ. මන්ද අවලංගු කිරීම සම්බන්ධයෙන් මෙහි පහත විග්‍රහ කර ඇති නීති ක්‍රමවේදය පනතක් මගින් බලාත්මක වී ඇති බැවිනි
⚖️ දෙමව්පියන්ට "බලවත් අකෘතඥතාව" මත තෑග්ග ආපසු ගත හැකිය!
ඉහත කිසිදු ආරක්ෂිත වගන්තියක් ඇතුළත් නොකර "ස්ථිර තෑගි ඔප්පුවක්" (Irrevocable Deed of Gift) ලබාදී ඔබගේ දෙමව්පියන් හෝ දීමනාකරු අසරණ වී ඇත්නම්, ඔවුන්ට නීතියේ පිහිට පැතිය හැකිය. 2017 අංක 5 දරන, අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත යටතේ ඔවුන්ට අධිකරණයට යා හැකිය. 😠🔙 මෙහිදී "බලවත් අකෘතඥතාව" ලෙස සැලකෙන්නේ
👉 දේපළ ලබා දුන් තැනැත්තාට කෘෘර ලෙස සැලකීම. 😡
👉 ඔහුට හෝ ඇයට ජීවිත තර්ජන කිරීම හෝ දේපළවලට හානි කිරීම. 💣
👉 ඔප්පුවේ ඇතුළත් යම් කොන්දේසි කඩ කිරීම. 📜✖️
👉 දීමනාකරුට අගෞරව කිරීම වැනි තත්වයන්ය. 🗣️
නමුත් මෙම පනත යටතේ නඩු පැවරීමට නම්, කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය
👉 තෑගි ඔප්පුව ලියා වසර දහයක් (10) ඇතුළත නඩුව පැවරිය යුතුය. 🗓️
👉 අදාළ අකෘතඥතාව සිදුවී වසර දෙකක් (2) ඇතුළත නඩුව පැවරිය යුතුය. ⏳
මෙම නීතිය සාමාන්‍ය නීතිය යටතේ ඇති තෑගි ඔප්පු සඳහා පමණක් අදාළ වන අතර, උඩරට නීතිය වැනි පුද්ගල නීති සඳහා අදාළ නොවන බවද මතක තබාගත යුතුය.
මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, ඔබේ පෞද්ගලික නීතිමය ගැටලුවක් සඳහා සුදුසුකම් ලත් නීතීඥවරයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 🙏🧠🤝
සැකසුම: ✍️ නීතිඥ නාලින්ද දිසානායක.
මෙම ලිපියෙන් ඔබගේ දැනුමට යමක් එකතු වූවා නම්, එය තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔබ සිතනවා නම්, කරුණාකර Like 👍 කර, ඔබගේ අදහස් Comment 💬 ලෙස එකතු කර, මෙම වටිනා තොරතුරු හැකිතාක් Share 📲 කරන්න. නීතිය නොදැන අසරණ වන ඔබගේ හිතවතුන්ට මෙය මහඟු උපකාරයක් වනු ඇත!
📢Published by: Admins of Law Guide ©️
✅✅✅✅✅✅✅
