ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් පසුව ඉෂාරා සෙව්වන්දිට සැගව සිටීමට නවාතැන් පහසුකම් ලබාදීමේ චෝදනා ලබා සිටිනා මතුගම ප්‍රියන්කා නැමති කාන්තාව පසුගිය පළාත්පාලන මැතිවරණයට මතුගමින් තරඟ වැද ඇති බව වාර්තා වෙයි.
ස්වාධීන කණ්ඩායමකින් කොස්ගෙඩිය ලකුණින් ඇය මැතිවරණයට ඉදිරිපත්වී ඇති අතර ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පැන යෑමට සහයෝගය ලබාදුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මතුගම ශාන් නොහොත් ශාන් අරෝෂ් ජයසිංග නැමැත්තා විසින් මෙම ප්‍රියන්කා නැමති කාන්තාවගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුද සිය මුහුනු පොත ඔස්සේ සිදුකර තිබෙනවා.
52 හැවිරිදි සැකකාර කාන්තාවගේ පුත්‍රායාද මතුගම සුද්දා යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයෙකු වන අතර ඔහුද දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සිටිනා බව සඳහන්.

