සූපවේදී පුහුණුවට ආ තරුණියන් දෙදෙනකුට හෝටලේදී සූපවේදියා කරල තියෙන දේ මෙන්න


 සූපවේදී පාඨමාලාවක් හදාරා වැඩිදුර පුහුණුව සඳහා බියගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණි තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලැබූ එම හෝටලයේ ප්‍රධාන සූපවේදියා, මහර අංක 02 අධිකරණය විසින් ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. විවාහකයෙකු වන මෙම ප්‍රධාන සූපවේදියා, තමන් යටතේ පුහුණුව ලබමින් සිටි සූපවේදිනියන්ගේ සිරුර ස්පර්ශ කිරීම වැනි අශෝභන ක්‍රියාවන්හි නිරත වී ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.


මෙම සිදුවීම් සම්බන්ධයෙන් අදාළ තරුණියන් පළමුව හෝටලයේ වගකිවයුතු නිලධාරීන් දැනුවත් කර ඇති අතර, පසුව බියගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

බියගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත (35328) මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකාර සූපවේදියාව අත්අඩංගුවට ගත් බවයි.


✅✅✅✅✅✅

Redirecting...

.

Post a Comment

Previous Post Next Post