සමාජ මාධ්‍ය භාවිතය, විශේෂයෙන්ම ෆේස්බුක් හෙවත් මුහුණු පොත භාවිතය හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය මේ වසර තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවට අනුරාධපුර ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය අනාවරණය කරයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී සහ එම මධ්‍යස්ථානයේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් මහත්මිය මෙම තොරතුරු තහවුරු කළාය.
ව්‍යාප්ත වන මෙම රෝග අතරින් 'සිපිලිස්' හෙවත් උපදංශය රෝගය ප්‍රධාන තැනක් ගන්නා අතර, ඒ අතර එච්.අයි.වී. ආසාදිතයන් ද වාර්තා වන බව වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පෙන්වා දෙයි.
ඇය සඳහන් කරන පරිදි, මුහුණු පොත හරහා සිදුකරන හඳුනාගැනීම්වලින් අනතුරුව ලිංගිකව එක්වීමෙන් මෙම රෝගවලට ගොදුරු වන පුද්ගලයන් අතරින් බහුතරය පිරිමි පාර්ශ්වය වීම විශේෂත්වයකි.
රෝගීන්ගෙන් ලබාගත් දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී, එක් කාන්තාවක් විසින් මුහුණු පොත හරහා පිරිමින් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇසුරු කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරයි. මෙම තත්ත්වය එක් දිස්ත්‍රික්කයකට පමණක් සීමා නොවී, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මේ ආකාරයෙන් රෝගී තත්ත්වයට පත්වී ඇති බවද ඇය අවධාරණය කළාය. එබැවින්, මුහුණු පොත භාවිත කිරීමේදී දැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
උපතේදී 'සිපිලිස්' රෝගය බෝවීම වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකි වුවද, ලිංගික සංසර්ගය හරහා එය තවමත් ව්‍යාප්ත වන බව වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සිහිපත් කරයි.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ 'සිපිලිස්' රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, වසර අවසන් වීමට තවත් මාස තුනකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී මෙම තත්ත්වය වාර්තා වීම කිසිසේත්ම සතුටු විය හැකි තත්ත්වයක් නොවන බවත් ඇය අවධාරණය කළාය. එබැවින්, විවිධ ජාවාරම්වලට මෙන්ම මෙවැනි රෝග ව්‍යාප්ත වීමටද මුහුණු පොතේ භාවිතය බලපෑ හැකි බැවින්, ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඇය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
✅✅✅✅✅✅
