ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් අතර සිදු වූ බව කියන සංවාදයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කරන්නේ විවිධ වංචාවල කොටසක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් මියන්මාරයට සහ තායිලන්තයට සංචාරය කිරීම වැළැක්වීමට විශේෂ මෙහෙයුම් සිදු කළ කාල පරිච්ඡේදයක් තිබූ බවයි.
එබැවින් අඳාළ සංවාදය ද එම කාල පරිච්ඡේදයක සිදු වූ බව ඔහු පවසයි. කෙසේ වෙතත් සතිපතා කැබිනට් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ අඳාළ සිද්ධිය පිළිබඳව සොයා බලන බවයි.
අඳාළ වීඩියෝවෙහි නිලධාරියා විසින් සංචාරක වීසා බලපත්‍රයක් මත කාන්තා සංචාරකයින්ට තනිවම ගමන් කිරීමට අවසර නොමැති බව කාන්තාවට දැනුම් දෙන අයුරු දැක්වේ.
