ඉස්සෝ ටැංකියට වැටී තරුණයෙක් මිය යයි


 මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීණු පුද්ගලයෙකු මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත මුන්දලම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


මරණකරු වයස අවුරුදු 24 ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මියගිය පුද්ගලයා අපස්මාර රෝගී තත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත. මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post