අද (17) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ පොදු පුරවැසියන් එකඟ නොවන කිසිදු නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බවයි.
‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ඔහු වැඩිදුරටත් පැවසූවේ පාලකයන්ගේ අවශ්‍යතාවට නීති සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවයි.
දේශපාලන අධිකාරිය ලෙස ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.
✅✅✅✅
