ඊයේ (13) සවස් කාලයේ විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද ජංගම සංචාරයක් අතරතුර වැටලීමක් සිදුකර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී වීරසේකර කංකානම්ගේ සුරාජ් ලක්ෂාන් නම් අයෙකුට පහර දී සැකකරුවන් විසින් අංක තහඩු නොමැති සහ වලංගු රක්ෂණ සහතික නොමැති කළු පැහැති ‘හොන්ඩා ඉන්සයිට්’ වර්ගයේ මෝටර් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරමින් සිටින බව වා වාර්තා වේ.
