ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාව තුළ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී නොසන්සුන්තා, ත්‍රස්තවාදය සහ බිම් බෝම්බ අවදානම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.
එහි අවධානම් ලෙස ප්‍රධාන වශයෙන් දක්වා ඇත්තේනොසන්සුන්තා, ත්‍රස්තවාදය සහ බිම් බෝම්බයන කරුණුයි.
කෙසේවෙතත් එක්සත් ජනපදය විසින් සංචාරක උපදේශන මට්ටමේ වෙනසක් සිදු කර නොමැති නමුත්, ‘වෙනත් අවදානම් දර්ශකයක්’ (Other risk indicator) මෙවර එකතු කර තිබේ.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කරන බවත් මෙලෙස ඇතිවන උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා කඩාකප්පල් විය හැකි බවත් එමගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
සංචාරකයන්ට උපදෙස් දී ඇත්තේ මෙම විරෝධතාසාමකාමී ඒවා වුවද, සියලුම රැස්වීම් සහ විරෝධතාවලින් සම්පූර්ණයෙන්ම ඈත් වන ලෙසයි.
ශ්‍රී ලංකාව තුළපෙර දැනුම් දීමකින් හෝ අවවාදයකින් තොරව ත්‍රස්ත ප්‍රහාරසිදුවී තිබෙන බැවින් ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉලක්ක විය හැකි ස්ථාන අතරසංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපොළවල්, සාප්පු සංකීර්ණ, රාජ්‍ය ගොඩනැගිලි, හෝටල්, ආගමික ස්ථාන, පාසල්, රෝහල් සහ ගුවන් තොටුපළවල්ඇතුළු පොදු ස්ථාන දක්වා තිබෙනවා.
සංචාරක ස්ථානවලට සහ ජනාකීර්ණ පොදු ස්ථානවලට යන විටතමන් අවට පරිසරය පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසටඋපදෙස් දී තිබුණා.
ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 23ක පමණ ප්‍රදේශයක සිවිල් යුද්ධයෙන් ඉතිරි වූ බිම් බෝම්බ පැවතිය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
බොහෝ බිම් බෝම්බ ඉවත් කර ඇතත්, උතුරු සහ නැගෙනහිර ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ තවමත් අනතුරුදායක බව ද එහි සඳහන්.
බිම් බෝම්බ බහුලව පවතින්නේඋතුරු පළාතේ උතුරු දිස්ත්‍රික්කවලබවත්මෙම භූමි ප්‍රදේශ ඝන වනාන්තර සහ දුෂ්කර භූමිවලින් සමන්විත වන බවත් එහි දැක්වෙනවා.
අවදානම් සහිත ප්‍රදේශ ජාත්‍යන්තර බිම් බෝම්බ සංකේතය (රතු, උඩු යටිකුරු ත්‍රිකෝණයක හිස් කබල සහ හරස් අස්ථි) සහිත අනතුරු ඇඟවීමේ සලකුණු මගින් සලකුණු කර තිබෙනවා.
ඉවත් කරන ලද බිම් සහිත ඉඩම්සුදු සලකුණුමගින් පෙන්නුම් කරන බව ද එහි සඳහන්.
සංචාරකයන්ට උපදෙස් දී ඇත්තේහොඳින් භාවිත කළ මාර්ග, ධාවන පථ සහ අඩි පාරවල් වලින් බැහැරව ගමන් කිරීමෙන් වළකින ලෙසටයි.
මෙරටට පැමිණෙණ අමෙරිකානු සංචාරකයන් සඳහා වෙනත් උපදෙස් දෙමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ දේශීය බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කිරීම, කඩිනම් පුවත් සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කිරීම, හදිසි අවස්ථාවකදී ඇමරිකානු තානාපති කාර්යාලයෙන් යාවත්කාලීන ලබා ගැනීමට සහ සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි Smart Traveler Enrollment Program (STEP) වෙත ලියාපදිංචි වන ලෙසයි.
සංචාරය කිරීමට පෙර ගුවන් මගින් ඉවත් කිරීමේ සහාය (evacuation assistance), වෛද්‍ය රක්ෂණය සහ සංචාරය අවලංගු කිරීමේ ආවරණයපිළිබඳව සොයා බලමින් සංචාරක රක්ෂණයක් මිලදී ගැනීමද නිර්දේශ කර තිබෙනවා.
✅✅✅
