පැරා ඔලිම්පික් පදක්කම් ලාබී සෙබළා දුම්රියේ ගැටිලා


 පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාබියකු වූ යුද හමුදා නිලධාරියකු  මදුරන්කුලියේදී දුම්රිය ගැටි මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ බුස්ස කදවුරේ සේවය කරමින් සිටි ආබාධිත නිලධාරීයකු වු මදුරන්කුලිය කිර්තිසිංහගම පදිංචිව සිටි දෙදරු පියකු වන 34 හැවිරිදි වර්ණකුලසුරීය අමිල ප්‍රශාන් නැමති අයකු බව කියයි.

නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී නිවසේ කිසිවකුටත් නොදන්වා 15 වැනිදා රාත්‍රියේ නිවසින් ගිය තම සැමියා පිළිබදව කිසිදු තොරතුරක් නොමැතිවිම හේතුවෙන් ඔහු භාවිතා කළ දුරකථනයට රාත්‍රිය පුරාම බිරිද හා ඥාතින් ඇමතුම් ලබා ගෙන තිබුනද එයට සම්බන්ධ කර ගැනිමට නොහැකි වි තිබු බව කියයි.

පසුව 16 වැනිදා දහවල් මදුරන්කුලිය නගරයට ආසන්නයේ පුත්තලම දෙසට වන්නට ආසන්න දුම්රිය මාර්ගයෙ තිබි මෙම යුධ හමුදා නිලධාරීයාගේ සිරුර හමුවිය.

ඒ ආසන්නයෙ බීර බෝතල් දෙකක් තිබි ඇති අතර ඒ අසලම ඔහු භාවිතා කළ ජංගම දුරකථනය ද තිබි සොයා ගෙන ඇත.

මොහු 2018 වසරේදි ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ඉන්දුනිසියාවේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වි එහිදි මිටර් 100 හා 200 මලල ඉසව් වලින් රන් පදක්කම් ලබා දුන් රන් පදක්කම්ලාභි ක්‍රීඩකයකු බවයි.

එලෙසම තවත් රටවල් ගණනාවක තරග රැසකට සහභාගි වි ඇති බවද කියයි.

එසේම 2025 යුද හමුදා වර්ණ ප්‍රදාන රාත්‍රියෙදි සම්මානයට මෙම නිලධාරීයා පාත්‍ර වි ඇති බව කියයි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post