බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්යය කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට හා ප්‍රවේශ පත්‍ර නොමැති මගීන්ටද දඩ පැනවීමට කටයුතු කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව, එම මගීන්ට රුපියල් 100 ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවන බව සඳහන්.
✅✅✅✅✅✅✅
