පූජා නගරය ඉන්දියාවට.. මෝදිගෙන් හරිනිට පොරොන්දුවක්.!


 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීමේ වගකීම ඉන්දියාව භාරගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා රජයට ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා සහතික වී තිබේ.

එමෙන්ම වත්මන් රජය විසින් ආරම්භ කළ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහාත් සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එහිදී අවධාරණය කර ඇත.

එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උණුසුම් සුබ පැතුම් අගමැති මෝදි වෙත ප්‍රකාශ කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර තිබෙි.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post