පසුගිය වකවානුවේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම කතාබහට ලක්වූ සිදුවීමක් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති පැමිණිල්ලට නඩුවට අදාළ හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත විභාගයට ගැනීමට නියමිතව තිබේ.
වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, එංගලන්තයේ ‘වුල්වර්හැම්ප්ටන්’ (Wolverhampton) පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන්, දින එකහමාරක් තුළ රජයේ මුදල් රුපියල් කෝටි 1.5කට අධික ප්‍රමාණයක් වැය කරමින් රාජ්‍යයට පාඩුවක් සිදු කිරීමයි.
මේ අතර, මෙම නඩුවට අදාළව පසුගිය නඩු දිනයේදී අධිකරණ පරිශ්‍රයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ද අධිකරණය දැඩි අවධානයක් යොමු කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ රාත්‍රී කාලයේදී, අධිකරණය තුළ සිදුවූ කරුණු වීඩියෝ ගත කර, ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින් කවුරුන්ද යන්න වහාම හඳුනාගෙන, ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළාය.
එමෙන්ම එදින අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන පරිදි ජනතාව එක්රැස් කළ පුද්ගලයින් හඳුනාගෙන, ඔවුන්ව ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලීසිය වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නාය.
එහි දිගුවක් ලෙස එදින අශෝභන ලෙස හැසිරෙමින් අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අය කාන්තාවද පසුගිය සැප් 18 අත්අඩංගුවට ගනු ලැබීය.
✅✅✅
