මේකට අහුවෙන්න එපා - ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ දැනුවත් කිරීමක්


 පසුගිය දා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යන බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වී ඇති අතර ලිට්‍රො ගෑස් සමාගමෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීමේ දී ඔවුන් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් ලිට්‍රෝ ගෑස් මිල අද දිනයේ සංශෝධනය වන බවට පුවත අසත්‍ය බවත්, මෙම වැරදි තොරතුරු මහජනතාව අතර අනවශ්‍ය සමාජ කැළඹීමක් සහ ව්‍යාකූලත්වයක් ඇති කර ඇති බව ත් ය.

2024 ජූලි මස සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් වී නොමැති බව ත් අඛණ්ඩව වසරකට අධික කාලයක් අඛණ්ඩව වෙළෙඳපොලේ අඩුම මිල ස්ථාවරව පවත්වාගෙන යන බව ත්, සඳහන් කළා.

ඒ පිළිබඳව ඔවුන් සටහනක් ද සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණි. 

ඒ අනුව, මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයට අදාළ 12.5Kg ගෘහස්‌ථ ගෑස් සිලින්ඩරයක මිල රු.3690ක් බවට පෙන්වා දිය හැක. අනෙකුත් දිස්ත්‍රික්ක වලට අදාළ ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳ පහතින් දක්වා තිබේ.

Gallery

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post