ගුවන් යානයක් මුහුදට වැටෙයි.!


 Air ACT සමාගමට අයත් සතු බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 ගුවන් යානයක් මුහුදට වැටී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු එම ගුවන් යානය හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් ගුවන්තොටුපළ වාහනයක සිටි පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post