දීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට ගිය මවගේ සිරුර ඇළක තිබී හමුවෙයි


 දීපාවලී උත්සවයට නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් මීනාච්චි වත්තේ දියණියගේ ගෙදරට නෑගම් ගිය සිය මවගේ සිරුර ඒම වතුයායේ වැවක තිබි (24) දින උදෑසන ඥාතීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ මීනාච්චි වත්තේ වැවේ තිබි හමු වී ඇත්තේ පලනිවේල් රාමසාමි නැමති 65 හැවිරිදි යන අයගේ සිරුරයි.

සිය මව නිවසේ නොමැති බව දියණිය විසින් සොයා ඇති අතර, පසුව සිය මව වැව දෙසට ගිය බවට එම වතුයායේ පදිංචිකරුවන් විසින් දැනුම් දීමෙන් පසු වතුයායේ වතුකම්කරුවන් එක්ව වැවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මවගේ සිරුර මීනාච්චි වත්තේ වැවේ තිබී හමුවී ඇත.

මෙය සිය දිවි හානි කර ගැනීමක් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝර්ටන්බ්‍රිජ් පොලිසිය සැකකරයි.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post